පුද්ගලයකුගේ පාදයක කොටසක් ගිංතොට වෙරළ තීරයෙන් හමුවෙයි

පුද්ගලයකුගේ පාදයක කොටසක් ගිංතොට වෙරළ තීරයෙන් හමුවෙයි

පුද්ගලයකුගේ පාදයක කොටසක් ගාල්ල ගිංතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයේ තිබී අද (04) හමු වී ඇති බව පොලිසිය පවසනවා.

එම ස්ථානයට පැමිණි ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා විසින් එය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස පොලිසියට නියෝග කර තිබෙනවා.

මෙම පාද කොටස කාන්තාවකගේ හෝ පිරිමියකුගේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව පොලීසිය සඳහන් කළා.