පෞද්ගලික ආයතනයක ආහාර විස වී 43ක් රෝහලට

පෞද්ගලික ආයතනයක ආහාර විස වී 43ක් රෝහලට

අහාර විෂ වීමකින් පෞද්ගලික ආයතනයක සේවක සේවිකාවන් 43 දෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මීගොඩ පොලිසිය පැවසීය.

මෙලෙස රෝගාතුර වී ඇත්තේ, පාදුක්ක වටරැක ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයක සේවකයින් පිරිසක් බවයි, පොලීසිය සඳහන් කළේ.

ඒ අතර කාන්තාවන් විසි පස් දෙනෙකු හා පුද්ගලයින් දහ අට දෙනෙකු වන බවත් ඔවුන් අවුරුදු 20 – 40 අතර වයසේ පසු වන්නන් බවත් පොලිසිය කියයි.

මෙම සේවක සේවිකාවන්ට ආයතනය තුළ පිහිටි ආපනශාලාවෙන් උදෑසන ආහාරය ලබාදී ඇති අතර එය අනුභව කිරීමත් සමඟ වමනය, ක්ලාන්ත ගතිය, උදරයේ ආබාධ ඇතිව තිබේ.