ධිවර යාත්‍රාව නැවක හැපී තිදෙනෙක් අතුරුදන් – 4ක් බේරා ගැනේ

ධිවර යාත්‍රාව නැවක හැපී තිදෙනෙක් අතුරුදන් – 4ක් බේරා ගැනේ

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් නැවක හැපි පෙරළී යාමෙන් අද (03) අලුයම සිදුවූ අනතුරකින් ධිවරයින් තිදෙනෙකු අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි.

“නිහතමානි 01” නමැති මෙම බහුදින යාත්‍රාව ඉකුත් 25වනදින ධිවරයින් හත් දෙනෙකු සමග ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර දකුණු මුහුදේ නාවික සැතපුම් 265ක පමණ දුරදි නැවක හැපිමෙන් අනතුරට ලක්ව ඇත.

යාත්‍රාව පෙරළී ධිවරයින් සියලු දෙනා මුහුදට වැටි ඇති අතර වෙනත් යාත්‍රාවක් මගින් හතර දෙදෙනකු බේරාගෙන ඇති බවත් තිදෙදෙනකු අතුරුදහන්ව ඇති බවත් පොලිසිය පවසයි.

මේ වන විට නාවික හමුදාවේ නාවික නෞකා ගජබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටින බව නාවික හමුදාව කියයි.

අතුරු දහන්වු ධිවරයින් සොයා නාවික හමුදාව විශේෂ සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර ඇති අතර වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මෙශාන් ද සිල්වා මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.