කතරගම බැතිමතුන්ගේ ආධාර මුදලින් ඉදිකෙරුණු සිව් මහල් ළමා වාට්ටුව විවෘත කෙරේ

කතරගම බැතිමතුන්ගේ ආධාර මුදලින් ඉදිකෙරුණු සිව් මහල් ළමා වාට්ටුව විවෘත කෙරේ

කතරගම දෙවියන්ට පිං පිණිස රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් විසින් ලබාදෙන ආධාර මුදලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විරෝධාර රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද මහරගම අපේක්ෂා රෝහලේ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය අද (03) වන දින පෙ.ව 8.30 විවෘත කෙරිණි

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ…

අපේක්ෂා රෝහලට ජිවිත අපේක්ෂාවෙන් පැමිණෙන රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙද ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිය උපරිම කැපවීමෙන් රෝගී ප්‍රතිකාර සේවාවන් ලබාදීමට කටයුතු කරන බවයි.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් ඉතාම කෙටි කාලයක් තුල ගුවන් හමුදාවේ රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වය මත මෙම මනරම් ගොඩනැගිල්ල ඉදිකර රෝගී සත්කාරක සේවා සදහා යෙදවීමට පියවර ගත් බව ද පැවසීය.

මේ සදහා උපකාර කළ සියළු පිරිස් වෙත සිය ගෞරවය සහ ස්තූතිය පුද කරන බව ද පැවැසීය.

මේ අතර ඉදිරියේ දී මහල් 07 කින් යුතු ඇදන් 500 කින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, වසර 02ක් තුළ එම ගොඩනැගිල්ල සාදා නිම කිරිමට බලාපොරොත්තු වන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසීය.

මෙම අවස්ථාවට කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් වික්‍රමරත්න මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු අමුත්තන් රැසක් සහභාගි විය.