දෙපිරිසක් ගැටී අයෙක් මරුට

දෙපිරිසක් ගැටී අයෙක් මරුට

කාටුකුලියන්කුලම ප්‍රදේශයේ නිවසක් තුළ දෙපිරිසක් අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

එහිදී පහර කෑ පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඊයේ (02) දින රොහල් ගත කළ බව පරසන්ගස්වැව පොලිසිය පවසනවා.

මෙම ගැටුමෙන් තානයම්කුලම,අනුරාධපුර යන ලිපිනයේ පදිංචිව සිටි එච්.එම.ලොක්කා හෙවත් හේරත් මුදියන්සේලාගේ සුමේධ හේරත් නැමති (37) හැවිරිදි අයෙක් මියගොස් තිබෙනවා.

පුද්ගලික ආරාවුලක් මුල්කර ගනිමින් ඇතිවු බහින් බස් විමක් මුල්කර ගනිමින් ප්‍රදේශයේ දෙපාර්ශයක් අතර පොලු මුගුරු හා තියුණු ආයුධයක් භාවිතයෙන් පහර දිම සිදුකළ බවයි පැවසෙන්නේ.

මාන්කඩවල ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට සිටිනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරැවන් දෙනෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය විමර්ශණ ආරම්භ කොට තිබෙනවා.