ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 73 වන සංවත්සරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 73 වන සංවත්සරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරය අදට (02) යෙදී තිබේ.

ඒ අනුව, එම පක්ෂයේ සංවත්සර සැමරුම් උත්සවය ශ්‍රී ජයවර්ධනපුර පිහිටි හෝටලක පැවැත්වීමට නියමිත බවයි, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මෙම සංවත්සර සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, ඒ සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගීවීමට නියමිතයි.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් 1951 වසරේ අද වැනි දිනක පිහිට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකෙන්නේ මැද මාවතේ දේශපාලන පක්ෂයක් ලෙසයි.

1956 වසරේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග එක්රැස් කරමින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙරට සිව්වන අග්‍රාමාත්‍යවරයා ලෙස අණ්ඩු බලය අත්පත් කර ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානය වටා ජනතාව එක් රැස් කර ගනිමින්ය.