අයි.ඕ.සී. හා සයිනොපෙක් ඉන්ධන මිලත් පහළට

අයි.ඕ.සී. හා සයිනොපෙක් ඉන්ධන මිලත් පහළට

ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීම ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම හා ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව,

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 332ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 377ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් රුපියල් 307ක්, ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 352ක් හා ලංකා භූමිතෙල් ලිටරයක් රුපියල් 202ක් යන මිල ගණන් යටතේ එම සමාගම්ද අලෙවි කරනු ලබයි.