ඉන්ධන මිල පහළ ගිය හැටි

ඉන්ධන මිල පහළ ගිය හැටි

මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 332කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 377කි.

එමෙන්ම,  ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 307ක් වනු ඇත.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 352කි.

භූමිතෙල් මිල මෙවරද සංශෝධනය වී නොමැති අතර, එහි පැවති මිල ලෙස ලීටර්‍යක මිල රුපියල් 202ක් ලෙස පවතිනවා.