මානුෂීය සටන් විරාමයකට ඊශ්‍රායලයේ එකඟත්වය

මානුෂීය සටන් විරාමයකට ඊශ්‍රායලයේ එකඟත්වය

ගාසා තීරයේ දරුවන් හට පෝලියෝ එන්නත ලබාදීම සඳහා ඊශ්‍රායලය මානුෂීය සටන් විරාමයකට එළඹීමට එකඟ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ යටතේ ගාසා හි ළමයින් හයලක්ෂ හතලිස්දහසකට පමණ එන්නත් කිරීම සිය ඉලක්කය බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

අනිද්දා සිට ආරම්භ කෙරෙන මෙම එන්නත්කරණ කටයුතු ගාසා තීරයේ මධ්‍යම, දකුණු සහ උතුරු කොටසේ අදියර තුනකින් සිදුකෙරුණු ඇති.

එන්නත්කරණය සිදු කෙරෙන පෙරවරු 6ත් පස්වරු 3ත් අතර කාලයේදී අඛණ්ඩව සටන් විරාමයක් ලබාදීමට ද ඊශ්‍රායලය මෙහිදී එකඟවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත්තේ.