ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිත කළ යුතු ආකාරය ගැන කොමිසමෙන් දැනුම්දීමක්

ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිත කළ යුතු ආකාරය ගැන කොමිසමෙන් දැනුම්දීමක්

එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිත කළ යුතු ආකාරය පිළිබඳව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අද (30) නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි සංඛාවක් තරග කරන බැවින් එක් අපේක්ෂකයෙකුට ඡන්දයත් වෙනත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපයත් ඡන්ද පත්‍රිකාවේ සලකුණු කළ හැකි අතර අවශ්‍ය නම් ඡන්දය පමණක් ලකුණු කිරීමට හැකියාව පවතින බවයි, එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඡන්දදායකයන් සිය චේතනාව ඡන්ද පත්‍රිකාව මත කරනු ලැබූ යම් සලකුණකින් පැහැදිලිව පෙනෙන විට (උදාහරණයක් ලෙස කතිරය ලකුණ පමණක් ලකුණු කර ඇතිවිට) එය වලංගු ඡන්දයක් සේ සලකන බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

කෙසේ වුවද, කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු නොකිරීම, එක් අපේක්ෂයෙකුට වඩා ඡන්දය ලකුණු කිරීම, එක් අපේක්ෂකයෙකුට “1” හා තවත් අපේක්ෂකයෙකුට කතිරය ලකුණ යොදා ඇතිවිට, ඡන්දය නොමැතිව දෙවන හා තෙවන මනාප පමණක් ලකුණු කර ඇති විට,”1″ හැර වෙනත් සලකුණක් සමග 2 හා 3 මනාප ලකුණු කර ඇතිවිට, ඡන්දදායකයා හඳුනාගත හැකිවන පරිදි යම් දෙයක් ලියා හෝ සලකුණු කරනු ලැබූ විට සහ 1,2,3 ට වඩා ඡන්දය හා මනාප ලකුණු කර ඇති විට එම ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප වූ ඡන්ද පත්‍රිකා ලෙස සැලකෙන බවද, මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්…