තණමල්විල දැරියට සාධාරණයක් ඉල්ලා විරෝධතාවක්

තණමල්විල දැරියට සාධාරණයක් ඉල්ලා විරෝධතාවක්

තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සමූහ දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් 17 දෙනා සහ අධාර අනුබල දුන් කාන්තාව අද (22) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

එම නඩු කටයුත්ත විභාග වන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට එම දැරියට සාධාරණයක් ඉල්ලා නිහඬ විරෝධතාවයක්ද පැවැත්වුණි.

එම නිහඬ විරෝධය ප්‍රදේශයේ කාන්තා සංවිධාන රැසක් එක්ව සංවිධානය කර තිබුණා.

මේ අතර, මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා ගිය මාධ්‍යෙව්දියෙකුට එහි සිටි කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයකු බැන තර්ජනය කර පහරදීමට උත්සාහ කර තිබෙනවා.

කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා ඉවත් කිරීමට උත්සාහ දරන විට ඔහු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.