පැෆ්රල් ට එරෙහිව විජයදාසගෙන් මැකෝට පැමිණිල්ලක්
පැෆරල් සංවිධානය විසින් තෝරාගත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් පමණක් ප්රවර්ධනය කිරීමට සැලසුම්කර ඇති ප්රසිද්ධ විවාදයට එරෙහිව කටයුතු කරන ලෙස ඉල්ලා ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් එම පක්ෂයේ මහ මහලේකම් රඛිත නිර්මල රාජපක්ෂ විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකර තිබේ.
එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 06 දෙනෙකු පමණක් කිසිදු පිලිගත හැකි නිර්ණායකයන් නොමැතිව තෝරාගෙන සැප්තැම්බර් 07 වනදා දින ප්රසිද්ධ විවාදයකට පැවැත්වීමට සුදානම් කර සිටින බවය.
එම ලිපියෙහි මෙසේද සඳහන් කර තිබේ…
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 39 දෙනා අතරින් ප්රධාන අපේක්ෂකයින් 06 දෙනකු පමණක් පැෆරල් සංවිධානය තෝරා ගන්නා ලද්දේ කුමන නිර්ණායකයන් මතදැයි කියා හෙළි කළයුතුව ඇත.
මෙම විවාදය මගින් තෝරාගත් අපේක්ෂකයින්ට අන් අපේක්ෂකයිනට නොලැබෙන ප්රචාරයක වාසියක් ලැබේ.
ඉන් අනෙකුත් අපේක්ෂකයින්ට අගතියක් සිදුවේ.