‘ක්ලබ් වසන්ත’ ඝාතන සැකකරුවන්ට අධිකරණය දුන් නියෝගය
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඝාතන සිද්ධියේ සැකකරුවන් දස දෙනා සැප්තැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඒ ඔවුන් අද (20) යළි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු බව අප වාර්තාකරු පැවසීය.