ප්‍රදේශ තුනකට ගංවතුර අවදානමක් – අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් උපදෙස්

ප්‍රදේශ තුනකට ගංවතුර අවදානමක් – අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් උපදෙස්

ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පහත් බිම් වලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් මෙම ගංවතුර තත්ත්වය ඇතිවී ඇති බවයි.

ඒ අනුව, එම ප්‍රදේශ අවට ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසටයි, එම දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දෙන්නේ.

මේ අතර, කළුතර ප්‍රදේශයට ඇද ඇළෙන තද වර්ෂාව හේතුවෙන් අද (17) උදෑසන 6,30 ට කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග එහි බුලත්සිංහල ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

මේ වන විට බුලත්සිංහල, පරගොඩ, මොල්කාව මාර්ගයේ ගමනයට බාදා පැමිණ ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් වැසි තත්ත්වය තවත් වැඩි වුවහොත් ජලය පිටකිරීම තවත් ඉහළයා හැකි බවත් සඳහන් කරයි.

බුලත්සිංහල පරගොඩ මාර්ගයේ දඹල, නාලියද්ද, ඇටඹගස් හංදිය සහ ඉහළ වෙල්ගම කණිෂ්ඨ විද්‍යාලය අසල මාර්ග මේ වන විට ජලයෙන් යටව ඇත.