තිරප්පනේ පාසැලක සිසුන් 21ක් හදිසියේ රෝහල් ගත කෙරේ

තිරප්පනේ පාසැලක සිසුන් 21ක් හදිසියේ රෝහල් ගත කෙරේ

අනුරාධපුර, තිරප්පනේ විදුහලක සිසුන් විසි එක් දෙනෙකු හදිසියේ ඇති වූ ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් අද (15) මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව මරදන්කඩවල පොලිසිය පවසයි.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ, තිරප්පනය ඇතුන්ගම ගැමුණු විද්‍යාලයේ 4 වැනි වසරේ ඉගෙනුව ලබන සිසුන් පිරිසක්.

වීදුරුවලින් ආවරණය කළ පංති කාමරයක් තුල එම සිසුන් ආහාර ගැනීම සිදු කර ඇති අතර ඉන් පසුව ඔවුන්ගේ සිරුර අධික ලෙස කැසීම හේතුවෙන් විදුහල්පතිවරයා විසින් එම රෝගී සිසුන් 21 දෙනාම 1990 ගිලන් රථයෙන් මරදන්කඩවල රෝහලට ඇතුලත් කර ඇත.

එම සිසු සිසුවියන්ගේ මාපියන්ගෙන් කළ විමසීමකදී කියා සිටියේ, ආහාර විෂ වීමක් හෝ දළඹුවන් ගෑවී හෝ කැසීමකට භාජනය වන්නට ඇතැයි අනුමාන කරන බවයි.

සෞඛ්‍ය අංශ අනුමාන කරනුයේ, ආවරණය කර තිබූ පංති කාමරයේ තිබූ දූවිල්ල හෝ වෙනත් තත්වයක් මත එම සිසුන්ට මෙම ආසාත්මිකතාවය ඇති වන්නට ඇති බවයි.