ජනාධිපතිවරණයට ඇප තැන්පත් කිරීම හෙටින් අවසන්

ජනාධිපතිවරණයට ඇප තැන්පත් කිරීම හෙටින් අවසන්

2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට පස්වරු 12.00 න් පසුව අවසන් වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අපේක්ෂකයන් 32ක් ඇප මුදල් තැන්පත් කර තිබෙන බවයි.

එමෙන්ම එළඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම 15 දින පෙරවරු 9.00 සිට පස්වරු 11.00 දක්වා සිදු කිරීමට සැලසුම් කර තිබේ.