දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 09 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 09 වන සිකුරාදා

රාහු කාලය
10:43 am – 12:16 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
ගිණිකොන

Qries

මේෂ

භුභාශුභ ඵල දෙයි. ප්‍රීති සාද, මංගල සාද වැනි දේට හේතුයි. සතුරු බලපෑම් ධමනය වේ. හදිසි තීරණ මත ක්‍රියාකිරීම් ශුභවාදී නොවේ. භූමි ලාභ, භූමි සම්පත් ගෙන දෙයි. සිරසාබාධ රෝග මතුකරයි.

Date: 2024-08-09

ජය අංකය: 09
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

දුරදිග බලා ක්‍රියාකළ යුතු දිනකි. විනෝදජනක ගමන් හා එවැනි ක්‍රියාවලට හිත යෙදෙන අතර බලාපොරොත්තු නොවන ලෙස වැයපස ද ඉහළ යයි. ඉඩකඩම් පිළිබඳ ගැටලුවක් සුහදව විසඳේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2024-08-09

ජය අංකය: 08
ශුභ වර්ණය: අළු පැහැය
Qries

මිථුන

ප්‍රීති උත්සව, මංගල සාද වැනි දේවල් යෙදෙන, අලංකාර දේ සඳහා වැයපස ඉහළ යන දිනකි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. උගතුන්, වියතුන් ඇසුරට පත්වෙයි. මහජන ප්‍රසාදයට පත්වෙයි. හෘදයාබාධ, වාත රෝග මතුවේ.

Date: 2024-08-08

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ශුභාශුභ ඵල දෙයි. ප්‍රීති උත්සව යෙදේ. නව ව්‍යාපාර ඇරඹීමට හේතුයි. උගතුන්ගෙන් උදව් උපකාර ද ලබයි. සතුරන් ධමනය වෙයි. ආගමික උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. මුත්‍රා රෝග ආසාදන මතුකරයි.

Date: 2024-08-09

ජය අංකය: 07
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ගමන් බිමන් බහුලයි. සුපුරුදු ක්‍රියාවන්ගෙන් ඉවත්ව දහමට ළැදිව ක්‍රියාකරයි. දානශීලාදී ගුණදහම් වඩවන දිනකි. සමාජ සද්කාරක ක්‍රියාවන්හි යෙදෙන අමතර ලාභ ද ලබන දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුකරයි.

Date: 2024-08-09

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

දහමට අවතීර්ණව ක්‍රියාවේ යෙදෙන දිනකි. ආධ්‍යාත්මික ගුණවගාවන්හි යෙදේ. පරාර්ථකාමීව ක්‍රියාකරන අතර වෙහෙර විහාරාදියෙහි වැඩිපුර කාලය යොදවයි. තරමක් වැයපස ඉහළ යයි. සෙම් බහුල රෝග මතුකරයි.

Date: 2024-08-09

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ගමන් බිමන් අධික වෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. දානමානාදි පුණ්‍ය කර්මවල ද යෙදේ. ආගමික උත්සව සංවිධානයට හේතුයි. ඒවාට සහභාගි වීමේ අවස්ථා ද යෙදේ. ස්නායුගත රෝග, නහර වේදනා මතුකරයි.

Date: 2024-08-09

ජය අංකය: 04
ශුභ වර්ණය: රන්වන්
Qries

වෘශ්චික

සුපුරුදු ක්‍රියාවන්ගෙන් දුරස්ථව දහමට අවතීර්ණවේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. පුද පූජා ක්‍රියාවන්හි යෙදෙන අතර සමාජ සද්ක්‍රියා දියත් කරයි. හදිසි ධන ලාභ ද දෙයි. ඌෂ්ණාධික රෝග මතුකරයි.

Date: 2024-08-09

ජය අංකය: 02
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ආගමික උත්සව සංවිධානයට හේතුයි. ආධ්‍යාත්මික ගුණවගාවල නිරත වෙයි. ඇසුරු කරන්නන් දහමට යොමුකරවන ක්‍රියා දියත් කරයි. මිල මුදල් වැය කරන දිනකි. ආමාශගත රෝග මතුකරයි.

Date: 2024-08-09

ජය අංකය: 02
ශුභ වර්ණය: ලා කොළ
Qries

මකර

තම ඥාති මිත්‍රාදීන් හා ඒකරාශීව ක්‍රියාකරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ආගමික පුද පූජා, ශිලාදි ගුණධර්ම දියත් කරයි. සුහද සිතුවිලි මත ක්‍රියාකරයි. ඉදිමුම් රෝග, වාත රෝග මතුවේ.

Date: 2024-08-09

ජය අංකය: 04
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

දානමානාදි ක්‍රියාවන්, ආධ්‍යාත්මික ගුණවගාවන් ආදි ක්‍රියාවන්හි යෙදෙන සිත් සතන් ඇතිවන දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර විනෝද ගමන් බිමන් යෙදේ. සෙම් රෝග, කාස රෝග මතුකරයි.

Date: 2024-08-09

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

මීන

දහමට අවතීර්ණව දවස ක්‍රියාකරයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමුකරවන ක්‍රියා දියත් කරයි. තරමක් වැයපස ඉහළ යයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. බඩවැල් ආශ්‍රිත රෝග මතුකරයි.

Date: 2024-08-09

ජය අංකය: 01
ශුභ වර්ණය: රෝස