නින්ද නැවතුන තැන

නින්ද නැවතුන තැන

මොරවක අලපදෙණිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් අඩි 25 ක් පමණ ඉවතට පැන නිවසක වහලයක් මතට වැටී අනතුරක් සිදුව තිබේ.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරවක පොලිසියේ රථවාහන අංශය පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය නෙළුව දෙස සිට මොරවක දෙසට ගමන් කරමින් සිට ඇත.

අනතුරින් නිවසේ වහලයේ සෙවිලි තහඩු කිහිපයකට හානි සිදු වී ඇති බව පොලිසිය පවසයි.