ඉන්දු – ශ්‍රී ලංකා අවසන් තීරණාත්මක එක්දින තරඟය අද

ඉන්දු – ශ්‍රී ලංකා අවසන් තීරණාත්මක එක්දින තරඟය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන හා අවසන් තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගය අද (07) පැවැත්වේ.

තරගය අද පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ මේ වනවිට තරග 1-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටී.

දෙපිල අතර පළමු එක්දින තරගය ලකුණු සම වීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය.