පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ උත්සවයේදී ඒ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනය කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.