දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 06 වන අඟහරුවාදා
රාහු කාලය
3:22 pm – 4:56 pm
සුභ දිශාව
නැගෙනහිර
මරු සිටින දිශාව
බස්නාහිර
මේෂ
ශුශා ශුභ මිශ්රඵල ගෙන දෙයි. දුරගමන් යෙදේ. තම රාජකාරි ප්‍රමාණවත් වෙයි. සභාවේ දිනයි. තමන් පැසසුමට ලක්වෙයි. තැන්පත් ධනය වර්ධනය වන ක්‍රියාකාරකම් යෙදේ. ශිරෝ රෝග දණිස් අමාරු මතුවේ.
වෘෂභ
රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. ක්‍රියාකාරකම් බහුල දිනකි. සිත් චංචල කරවන ආරංචි ලැබේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. අමතර ධන ලාභ සම්පත් ගෙනදේ. කොන්දේ අමාරු වාත රෝග මතුවේ.
මිථුන
දූරදර්ශීව ක්‍රියාකළ යුතු දිනකි. ඇසුරු කරන්නන් නිසා තරමක් නමට කැළැල් මතුකරයි. නීතිමය ගැටලුවලින් ජය ලබයි. විදෙස් රැකියා බලාපොරාත්තු වූවන්නට ජයග්‍රහණ ලබයි. මෞත්‍රලිංග පද්ධතියේ රෝග මතුකරයි.
කටක
ශුභා ශුභ මිශ්රඵල දෙයි. රාජකාරි බහුලයි. තරමක් නිදහස සීමා වෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමටද සිදුවේ. හදිසි තීරණ ගැනීම සුබවාදී නොවේ. පොළොව ආශ්රිත ක්‍රියාවන්ගෙන් ජය ලබයි. සෙම් කෝප රෝග උෂ්ණ රෝග මතුවෙයි.
සිංහ
ශුභා ශුභ ඵලදෙයි. අලස ගති ඉස්මතු කරයි. තම වැඩකටයුතු අතපසු වෙයි. ළඟම ඥාතියකු වෙනුවෙන් වැය පස ඉහළ යයි. සෙම් ආසාදන රෝග පෙනහලු රෝග මතුවෙයි. වැය පසද ඉහළ යයි.
කන්‍යා
ශුභා ශුභඵල මතුකරයි. ක්‍රියාවේදී අලස ගති ඉස්මතු කරයි. නව නිර්මාණකරණයට හොඳයි. හුදෙකලා ගති ඉස්මතු කරයි. සිත් චංචල කරවයි. යටපත්ව තිබූ රෝග ඉස්මතු කරයි. දුරගමන් යෙදේ.
තුලා
දවස සාමාන්‍යයි. තරමක් වෙහෙසව ක්‍රියාකරයි. නව නිපැයුම් ඇරැඹීමට සුබයි. සතුරු බලපෑම් එල්ල වෙයි. තරමක් චංචල මනසින් ක්‍රියා කරයි. පපුවේ වේදනා අමාරු ආදියට හේතුයි.
වෘශ්චික
ශුභා ශුභ මිශ්රඵල මතුකරයි. ආර්ථික පීඩා මතුකරයි. සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. හදිසි තීරණ මත ක්‍රියාකිරීම සුබවාදී නොවේ. ආමාශගත රෝග මතුකරයි. ප්රීතිසාද යෙදේ.
ධනු
ශුභා ශුභ මිශ්රඵල දෙයි. විනෝදාත්මක ක්‍රියාකාරකම් යෙදේ. වැදගතුන් ඇසුරට පත්වේ. ගමන් බිමන් බහුලවේ. වියපැහැදම් තරමක් වැඩිවන දිනකි. අමතර ලාභද ලබයි. ඉදිමුම් රෝග සන්ධි රෝග මතුවෙයි.
මකර
අවිවේකී බව ඇතිවේ. විනෝද ගමන් වන්දනා ගමන් යෙදෙන අතර ප්‍රීති උත්සව සාද වැනි දේට හේතුවෙයි. දුරස්ථව සිටි ඥාතී මිත්‍රාදීන් සමීප වෙයි. තරමක් සභාවේ දිනයි. මුත්‍රා ආසාදන රෝග මතුකරයි.
කුම්භ
තරමක් සුබවාදී ඵලදේ. ඥාතිමිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. විනෝද ගමන් යෙදේ. උත්සව සාද වැනි දේවලට හේතුයි. තම ඥාතීන් නිසා වැයපස ඉහළ යන දිනකි. සෙම් රෝග පෙනහලු ආසාදනවලට හේතුයි.
මීන
යහපත් ලෙස දවස ගෙවයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. විනෝද ජනක කටයුතුවලට ද මූලිකව ක්‍රියාකරයි. ආගමික උත්සව වැනි දේවල ද යෙදේ. තරමක් වැය පස ද ඉහළ යයි. සිරසගත රෝග මතුකරයි.