හිටපු ජවිපෙ මන්ත්‍රීවරයෙක් ජනපති සටනට

හිටපු ජවිපෙ මන්ත්‍රීවරයෙක් ජනපති සටනට

එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා අද (05) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද වේ.

ඒකාබද්ධ වෘත්තිය සමිති කේන්ද්‍රය වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.

අමරසිංහ මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ 15 වැනියා වන අතර හයවැනි ස්වාධීන අපේක්‍ෂකයා ද වේ.

ඒ අනුව, දේශපාලන පක්ෂ මඟින් අපේක්ෂකයින් 9 දෙනෙක්ද, ස්වාධීන අපේක්ෂකයින් ලෙස 6 දෙනෙකුද මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබේ.