මැතිවරණ පැමිණිලි ගැන කියන්න අංකයක් – මානව හිමිකම් කොමිසම

මැතිවරණ පැමිණිලි ගැන කියන්න අංකයක් – මානව හිමිකම් කොමිසම

පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව 0767914696 දුරකතන අංකයට හෝ 0112505566 ෆැක්ස් අංකයට මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා පොලිස් නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සදහා මාර්ගෝපදේශ මාලාවක්ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් පසුගියදා නිකුත් කෙරිණි.