කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී අත්අඩංගුවට?

කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී අත්අඩංගුවට?

ප්‍රබල පාතාල කල්ලි නායකයින් වන කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව මෙරට ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.

කංජිපානි ඉම්රාන් නැමැත්තා බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව ද එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.

ප්‍රංශයේ සැගව සිටි කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයට පලායාමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

ලොකු පැටී නමැත්තා ඩුබායි දේශ සීමාව ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට ද වාර්තා වේ.