TikTok මූලස්ථානයේ කාර්ය මණ්ඩලය හදිසියේ රෝහල් ගත කරයි

TikTok මූලස්ථානයේ කාර්ය මණ්ඩලය හදිසියේ රෝහල් ගත කරයි

TikTok හි මව් සමාගම වන ByteDance හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ආහාර විෂ වීමක් හේතුවෙන් හදිසියේම රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සේවකයින් 60 දෙනෙකු පමණ ආමාශය ආශ්‍රිතව රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර ඔවුන්ගෙන් 57 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.

සිදුවීම සම්බන්ධයෙන් නගර ප්‍රාන්තයේ සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා නිලධාරීන් විමර්ශන කරන බව ද සඳහන් වෙයි.