අග්බෝගේ ඇසට කැට පෝලයකින් විද හිංසා කල අයෙක් අත්අඩංගුවට

අග්බෝගේ ඇසට කැට පෝලයකින් විද හිංසා කල අයෙක් අත්අඩංගුවට

තිරප්පනේ,උලගල්ල වන්නම්මඩුව අවට ප්‍රදේශයේ සැරිසරමින් සිටින ‘අග්බෝ’ හස්තියාගේ ඇසට කැට පෝලයකින් විද හිංසා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව තිරප්පනය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අක්කර පනහ, ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම පහරදීම සම්බන්ධයෙන් වන අලි සුරැකීමේ සංවිධානයක් විසින් තිරප්පනය පොලිසියට සිදු කල පැමිණිල්ලකට හා පුද්ගලයෙකු විසින් උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට ලබා දුන් තොරතුරකට අනුව විමර්ශන සිදු කර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

තිරප්පනේ ප්‍රදේශයේ වාස භූමිය කර ගනිමින් ජීවත් වූ , දැනට මෙරට තුල ඉතිරිව සිටින සද්ධන්ත ඇතෙකු වන අග්බෝ හස්තියා මීට වසරකට පෙර පාදයකට සිදු වූූ වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල තුවාල සිදුවිය.

බඳින තුවක්කුවක් පත්තුවීම හේතුවෙන් ඉදිරි වම් පාදයට ඇති වූ තුවාල හේතුවෙන් වනජීවි අංශ, පශු වෛද්‍ය නිලධාරීන් විසින් 100ට වැඩි වතාවක් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මෙම හස්තියා තරමක සුව අතට හැරිණි.

මේ වන විට අග්බෝ හස්තියා ප්‍රදේශයේ, භෝග වගාවන් විනාශ කරමින් ගම්මාන වල සැරිසරන අතර නිරන්තරයෙන් ගම්වාසීන්ගේ ප්‍රහාරවලට ලක්වන බව වන අලි ඇතුන් සුරැකීමේ සංවිධානයක නියෝජිතයකු පැවසීය.