යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය දිවයිනට

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය දිවයිනට

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් අවුඩ්‍රේ ඔසුලේ ( Audrey Azoulay ) මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (16) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

එතුමිය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද ලංකාවට පැමිණ තිබේ.

ඔවුන් අද අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.