සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස නිල වශයෙන් පත්කරයි

සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස නිල වශයෙන් පත්කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය නිල වශයෙන් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තරගාවලිය සඳහා සනත් ජයසූරිය සිය පළමු දායකත්වය ලබා දෙනු ඇති.

සනත් ජයසූරිය මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙසට ද කටයුතු කරයි.

මීට පෙර ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කළේ, එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් සිල්වර්වුඩ්.