අපේ මන්ත්‍රීවරු දෙන්නෙක් තව ටික දිනකින් ආණ්ඩුවට යනවා – හර්ෂණ රාජකරුණා

අපේ මන්ත්‍රීවරු දෙන්නෙක් තව ටික දිනකින් ආණ්ඩුවට යනවා – හර්ෂණ රාජකරුණා

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඩොලර් වලින් ත්‍යාග ලබා නොබෝ දිනකින් පක්ෂය හැර යන බව සජබ මන්ත්‍රීවරයෙක් අද ප්‍රකාශ කළේය.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මාධ්‍ය වෙත පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ සජබ මන්ත්‍රීවරයෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් තවත් මන්ත්‍රීවරයෙකු නුදුරේදීම ආණ්ඩුවට යන බවයි.

“මේ දේශපාලන ගණිකාවන් අමෙරිකානු ඩොලර් වලින් මුදල් තෑගි ඇතුළු වරප්‍රසාද වලට හසුවෙලා” යැයි රාජකරුණා මන්ත්‍රීවරයා පැවසීය.

“අපට අහිමි වන්නේ මන්ත්‍රීවරුන් අතළොස්සක් පමණක් වන නමුත් තම තනතුරු අතහැර විපක්ෂයට යාමට කැමැත්තෙන් සිටින තවත් බොහෝ දෙනෙක් සිටින බව ” ඔහු වැඩිදුරටත් පැවසීය.