බැංකුවක් ඉදිරිපිට නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක්

බැංකුවක් ඉදිරිපිට නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක්

මාතර පොලිස් වසමේ මැද්දවත්ත ප්‍රදේශයේ බැංකුවක් ඉදිරිපිට තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී ඇත.

පොලීසියට ලද පණිවිඩයක් අනුව ඊයේ(23) උදෑසන මෙම මළසිරුර සොයා ගෙන ඇති අතර මියගිය පුද්ගලයා උස අඩි 05 අඟල් 04ක් පමණ වන සිහින් සිරුරක් සහිත තළෙළු පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.

මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.