ලාංකිකයෙකුගේ නිපදවූ ජින් වලට ඕස්ට්‍රේලියානුවෝ වහ වැටිලා
‘ඩච් රූල්ස්’ ලේබලය යටතේ 2023 වසරේදී වෙළඳපොළට පැමිණි ‘නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’ පානයට ඕස්ට්‍රේලියානු ඩිස්ටිල්ඩ් ස්පිරිට්ස් සම්මාන උළෙලේදී රිදී සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලාංකිකයෙකු විසින් ‘නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’ හඳුන්වා දී ඇති අතර ඒ සඳහා ඕස්ට්‍රේලියානුවන් දැඩි ඇල්මක් දක්වන බව විදෙස් මාධ්‍ය පවසයි.
2022 වසරේදී ආරම්භ කරන ලද ‘ඩච් රූල්ස්’ සමාගම මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මහත් ජනප්‍රියතාවයක් හිමිකර ගැනීමට සමත්වී ඇත.
‘ඩච් රූල්ස්’ සමාගමේ නිර්මාතෘ ඩැනී පෙරේරා අනුරාධපුර නගරයේ ඉපිද හැදීවැඩී ඇති බවත් 2000 දශකය මැදභාගයේදී ඔහු වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව හැදෑරීමේ බලාපොරොත්තුවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කරයි.
ඉගෙන ගන්නා කාලය තුළ වියදමට මුදල් සොයා ගැනීම සඳහා සොයාගත් අර්ධකාලීන රැකියාව සියල්ල වෙනස් කර ඇති බවඔහු පවසයි.
නගරයේ තැබෑරුමක කළ රැකියාවට තමන් බෙහෙවින් ප්‍රියකළ බවත් තමාගේ ජානවල තිබෙන්නේ කුමක්දැයි හඳුනාගැනීම සඳහා එම රැකියාව හේතුවූ බවත් ඩැනී පෙරේරා ප්‍රකාශ කළේය.
තැබෑරුම තුළදී මිනිසුන් සමඟ කතා කිරීම සහ ඔවුන්ට මධ්‍යසාර පිළිගැන්වීම බෙහෙවින් ප්‍රියවූ බවත් තමන් ඉදිරියට යා යුත්තේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයෙන් නොවන බව අවබෝධවූ බවත් ඩැනී පෙරේරා පවසයි .
ඕස්ට්‍රේලියානු ඩිස්ටිල්ඩ් ස්පිරිට්ස් සම්මාන උළෙලේදී නිව් වර්ල්ඩ් කන්ටෙම්පරරි ජින් කාණ්ඩය යටතේ ඩැනී පෙරේරාගේ ‘නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’ පානය රිදී පදක්කම දිනාගෙන ඇත. ශ්‍රී ලාංකික කුළුබඩු ඇතුළුව අමුද්‍රව්‍ය 15 ක් යොදා ගනිමින් මෙම ජින් පානය නිපදවෙන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කළේය.