මිහින්තලේ මාරක රිය අනතුරක්

මිහින්තලේ මාරක රිය අනතුරක්

මිහින්තලයේදී සිදුවූ මාරක රිය අනතුරකින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මිහින්තලය පොලිසිය පවසයි.

යාපනයේ සිට දඹුල්ල දක්වා ධාවනය වූ එළවලු රැගත් ලොරි රථයක් (20) අළුයම A9 මාර්ගයේ මිහින්තලේ පලුගස්වැව ප්‍රදේශයේදී මාර්ගයේ නවතා තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

අනතුරු සිදුවන අවස්ථාවේ ලොරි රථයේ තිදෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් ලොරි රථයේ ගමන් ගත් රිය සහායක සහ ලොරි රථයේ හිමිකරුයි තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

ලොරි රථයේ රීදුරට නින්දියාම හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇතැයි පොලිසිය සැකකරයි.

සිද්ධියට අදාල වැඩිදුර පරීක්ෂණ මිහින්තලය පොලිසියේ රථවාහන අංශය විසින් සිදුකරනු ලබයි.

May be an image of 4 people, train, oil refinery and text

May be an image of 6 people, road and text

May be an image of 1 person, road and text

May be an image of 2 people