නීතිපති සංජය රාජරත්නම්ට සේවා දිගුවක් නැහැ

නීතිපති සංජය රාජරත්නම්ට සේවා දිගුවක් නැහැ

නීතිපති සංජය රාජරත්නම් මහතා තවත් වසරක කාලයක් සඳහා නීතිපතිවරයා ලෙස පත් කිරීමට අදාලව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ යෝජනාව ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වත්මන් නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීම සඳහාවන ජනාධිපතිවරයාගේ යෝජනාවට විවිධ පාර්ශවවල චෝදනාවන්ද එල්ල වුණා.

කෙසේනමුත් මින් පෙර කටයුතු කළ කිසිදු නීතිපතිවරයෙකුට සේවා දිගු ලබාදීමට කටයුතු කර තිබුණේ නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්දයා යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස රැස්වුණා.