වස්කඩුව මුහුදු වෙරළේ නාදුනන මළසිරුරක්

වස්කඩුව මුහුදු වෙරළේ නාදුනන මළසිරුරක්

වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරළට නාඳුනන පුද්ගල මළසිරුරක් ගොඩගසා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 70 ක පමණ පුද්ගලයකු බවත් ලා දුඹුරු පැහැති ටී ෂර්ට් එකකින් සැරසී සිටින බවත් පොලිසිය පවසයි.

මෘතදේහය හදිසි මරණ පරීක්ෂණයෙන් පසු කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතය.

මරණය සම්බන්ධයෙන් කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වති.