රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

බිබිල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම පන්සල ආසන්නයේදී වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අද (12) පස්වරුවේ මාරක අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් තිදෙනකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගිය තිදෙනා එකම පවුලේ අය බවට වාර්තා වන අතර ඔවුන් බෙහෙත් ගැනීමට මහනුවර ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.