ලලිත් කොතලාවලගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම ලබන 11 වැනිදා
මරණයට පත් සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතාගේ මරණයට හේතුව ලබන 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා සඳහන් කළේය.
මෙහි තීන්දුව ලබාදීම පසුගිය 28දා දිනට නියමව තිබුණද එම නියෝගය සකස් කර නොමැති බැවින් එය ලබන 11 වැනිදා තෙක් කල් තැබීමට අධිකරණය එලෙස තීරණය කළේය.
ලලිත් කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණ වාර්තාව පශ්චාත් මරණ පරීක්ෂක වෛද්‍ය රාජපක්ෂ මහතා විසින් ඉකුත් 22 වැනිදා අධිකරණයට භාරදී තිබිණි.
එම වාර්තාව පදනම් කර ගනිමින් මරණයට හේතුව දැක්වෙන තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා අධිකරණයෙන් එලෙස දින නියම කෙරිණි.
කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට ඔහුගේ බිරියගේ සහෝදරිය වන ෂෙරින් පේෂන් විජේරත්න යන අය බම්බලපිටිය පොලිසියට කළ පැමිණීල්ලකට අනුව මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවිණි.
ලලිත් කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාළව ඔහුගේ බිරියගේ සහෝදරිය වන ෂෙරින් පේෂන් විජේරත්න, ඔහු යටතේ සේවය කළ සේවක සේවිකාවන් කිහිපදෙනෙක් ඇතුළු අටදෙනෙකු පශ්චාත් මරණ පරික්ෂණයේදී අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන්හ.
මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වූයේ ඉකුත් 2023 වසරේ ඔක්තෝබර් මස 21 වැනිදාය.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගිය අතර ඒ වන විට ඔහු 84 වියෙහි පසුවූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.