කුරුමිණි දෂ්ඨනයකින් පුද්ගලයෙක් මරුට
කුරුමිණියෙකු දෂ්ඨ කිරීමෙන් රෝගී වූ පුද්ගලයෙකු යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ( 18 ) මියගොස් තිබේ.
යාපනයේ පදිංචි 52 හැවිරිදි ෂන්මුගවේල් අරුන්සෙල්වම් නැමති මෙම පුද්ගලයාට නිවසේදී කුරුමිණියෙකු දෂ්ඨ කොට අති අතර ස්වල්ප වේලාවකදී ඔහු දැඩි අසාත්මිකතාවයකින් පෙළී හුස්ම ගැනීමේ අපහසුවකට පත්ව ඇත.
වහාම ඔහුව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේය.
එම පුද්ගලයාට දෂ්ඨ කරණ ලද කුරුමිණියා පවුලේ අයට හඳුණා ගැනීමට නොහැකි වී ඇති අතර යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ටද එම කුරුමිණියා ගැන විශාල සැකයක් පහළ වී තිබේ.
මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී සතෙකුගේ විෂ ශරීර ගත වීම නිසා මේ මරණය සිදු වු බවට වාර්තා කොට ඇති අතර මියගිය අයගේ ශරීර අභ්‍යන්තර කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා කොළඹට යවා ඇත.