බොරැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අත්අඩංගුවට

බොරැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අත්අඩංගුවට

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය පෙබරවාරි මස 19 වනදා අදාළ වෙඩි තැබීම සිදුව තිබූ අතර ඒ සඳහා පැමිණි යතුරුපැදියේ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණ අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ අනුව කොළඹ සේදවත්ත ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් 22 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු බොරැල්ල පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.

සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අපරාධකරුවන් පැමිණි යතුරුපැදිය කොටස් කර තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව රැඳවුම් නියෝග ලබාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.