හෝමාගම වගුරු බිමක පිරිමි මළ සිරුරක්

හෝමාගම වගුරු බිමක පිරිමි මළ සිරුරක්

හෝමාගම කැන්දලන්ද හයිලෙවල් මාර්ගයට යාබද වගුරු බිමක නාඳුනන පිරිමි පුද්ගල මළ සිරුරක් තිබී අද (07) උදෑසන සොයා ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය කියයි.

කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ හෝමාගම කැන්ද ලන්ද ප්‍රදේශයේ පිහිටා ඇති පුද්ගලික වෙළඳ ආයතනයක් පිටුපස වගුරු බිමක මෙම නාදුනන පිරිමි මළ සිරුර තිබී හමුවී ඇති බව පැවසේ.

මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේ යට ඇඳුම සහ අර්ධව ගැලවූ කමිසයක් තිබී ඇති අතර ඒ ආසන්නයේ තිබී ජංගම දුරකථනයක් සහ බුලත් විට අඩංගු කුඩා ගමන් බෑගයක් සොයාගත් බව පොලීසිය කියයි.

රිය අනතුරක් සිදුවීමෙන් පසු මියගිය පුද්ගලයා වගුරු බිමට ඇද දමා කිසියම් අයකු පලා ගියේද නැතහොත් ඝාතනයක ප්‍රතිඵලයක් ද එසේත් නැතිනම් සියදිවි හානි කර ගැනීමක් ද යන්න පිළිබදව විමර්ශන පවත්වන බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා දින දෙකකට පමණ පෙර මිය යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව තිබූ අතර නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මාණවඩු මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වති.