නොරෙච්චෝලේ විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම ඇණ හිටී
නොරෙච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම ඇණ හිට ඇතැයි එම බලාගාර ආරංචි මාර්ග පවසයි.
පළමු සහ දෙවන විදුලි උප්දාන යන්ත්ර දෙකම එහි නඩත්තු කටයුතු සඳහා මීට පෙර සිට නතර කර තිබූ අතර තෙවන උප්දානය යන්ත්රයේ කටයුතු ද බිඳ වැටී ඇතැයි එහි නිලධාරියෙක් පැවැසීය.
කෙසේ වුවද දැනට නඩත්තු කටයුතු අවසන් අදියරේ පවතින එක් යන්ත්රයකින් විදුලි සැපයුම ලබැදීමේ හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව එහ නිලධාරිහු පවසති.
ඒ අනුව, දැනට ජල විදුලි බලාගාරවලින් විදුලිය නිෂ්පාදන කරන බැවින් මෙම බිඳවැටීම විදුලි නිෂ්පාදනයට ගැටළුවක් නොවනු ඇතැයි අනුමා කෙරේ.