ලිංගික චෝදනාවට වරදකරු වුණොත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා – රංජිත් බණ්ඩාර‍

ලිංගික චෝදනාවට වරදකරු වුණොත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා – රංජිත් බණ්ඩාර‍

පාර්ලිමේන්තුවේ නිලධාරිනියකට ලිංගික අතවරයක් කර ඇති බවට හේෂා විතානගේ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ අනුව, අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙසටයි ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.

තමා එම චෝදනාවට වරදකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත්, චෝදනාව එල්ල කළ මන්ත්‍රීවරයා වරදකරු වුවහොත් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දණ්ඩනයට ලක්විය යුතු බව ද රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.