නිලධාරිනියකට ලිංගික හිංසන කරපු කෝප් ලොක්කෙක් ගැන හෙළිදරව්වක්

නිලධාරිනියකට ලිංගික හිංසන කරපු කෝප් ලොක්කෙක් ගැන හෙළිදරව්වක්

කෝප් කමිටුවේ නිලධාරිනියකට එහි හිටපු සභාපතිවරයකු ලිංගික හිංසන කර ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
.
මේ සම්බන්ධයෙන් එම නිලධාරිනිය අදාළ අංශවලට පැමිණිලි කර තිබියදී ක්‍රියාමාර්ග නොගන්නේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය සභාපතිවරුන්ගේ හැසිරීම් ගැන අවධානය යොමු කළ යුතු බවද විතානගේ මහතා කීවේය.

හේශා විතානගේ මහතා මෙසේද පැවසීය.

කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකු එතන නිලධාරීතුමියකට ලිංගික වශයෙන් හිංසනයට ලක් කළා කියල චෝදනාවක් තියෙනවා.

එම නිලධාරිනිය මේ ගැන කාන්තා සංසදයේ සභාපතිනිය දැනුවත් කරලා තියෙනවා. මේ තරම් පහත් තැනකට ගිහිල්ලා තියෙද්දී ඇයි තීන්දුවක් ගන්නෙ නැත්තෙ.132 ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා.