කිරිඳිඔයේ තිබී වන අලි හිසක් හමුවෙයි

කිරිඳිඔයේ තිබී වන අලි හිසක් හමුවෙයි

වැල්ලවාය තෙළුල්ල කිරිඳිඔයේ තිබී ඊයේ (13) වනඅලියෙකුගේ කඳසුන් හිසක් හමු වී තිබේ.

කිරිඳිඔයේ තෙළුල්ල ප්‍රදේශයේ හුවන්ගමුව පන්සල් අලිමංකඩ අසල කිරිඳිඔයේ සිරවී තිබී මෙම වන අලියාගේ හිස ප්‍රදේශවාසීන්ට හමුවී තිබූ අතර වනජීවී නිලධාරීන් සහ පොලීසිය එක්ව මියගිය අලියාගේ සිරුරේ අනෙක් කොටස් සෙවීම සඳහා මෙහෙයුමක් දියත්කළත් මෙතෙක් එම කොටස් හමුවී නැත.

වගාබිමකට පැමිණි වනඅලියා වෙඩිතබා ඝාතනය කර සිරුර කෑලි වලට කපා කිරිඳිඔයට දමන්නට ඇතැයි වනජීවී නිලධාරීහු විශ්වාස කරයි.

මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ ඌව කලාපය භාර සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා කටයුතු යොදා තිබේ.

වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන අලියාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට වැල්ලවාය වනජීවී කාර්යාලය කටයුතු යොදා ඇත.