යුද්ධ හමුදා වෑන් රථයක් ටිපර් රථයක ගැටී නිලධාරියෙක් මරුට
සීගිරිය පොලිස් වසමේ දී දඹුල්ල දෙස සිට හබරණ දෙසට ධාවනය වූ යුද්ධ හමුදාවට අයත් වෑන් රථයක් ටිපර් රථයකට ගැටී සිදුවූ අනතුරකින් හමුදා නිලධාරියෙකු අද (09) මිය ගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි.
දඹුල්ල, හබරණ මාර්ගයේ, අවුඩංගාව ප්රදේශයේදී මෙම අනතුර සිදු වී තිබේ.
හමුදා වෑන් රථය එම දිශාවට ම ධාවනය වූ ටිපර් රථයේ පිටුපස ගැටී අනතුර සිදු වී ඇති බවත් අනතුරින් වෑන් රථයේ රියැදුරු සහ යුද්ධ හමුදා නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වම් පස ඉදිරි අසුනේ සිටි නිලධාරීයා මිය ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
මිය ගිය හමුදා නිලධාරියා වයස අවුරුදු 32ක් වූ ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.