“ගරු සරු” වැඩසටහනෙන් ත්‍රීරෝද රථ හිමියන්ට සහනයක්
ත්‍රීරෝද රථ රියදුරෙක්ට අනතුරක් වුනොත් කවුද බලාගන්නේ? දෑතේ ශක්තිය නැති වුනාම, බැරිවුන කාලෙකදී ඒ අය බලාගන්නේ කවුද?
පුද්ගලික අංශයේ සේවකයාට අර්ථසාධක අරමුදල ලැබෙනවා. රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුප තියෙනවා. රක්ෂණ ලැබෙනවා. ත්‍රීරෝද රථ රියදුරන්ට මොනවාද ලැබෙන්නේ?
මුළු රටේම සමස්ත වෘත්තිකයින්ට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් හදන්න කැබිනට් මණ්ඩලට මට විශේෂ අනුමැතියක් ලබාදී තිබෙනවා
වැරදි වැඩ කරලා අනතුරු සිදුවන්නේ ත්‍රිරෝද රථ විතරද? මේ අහිංසක මිනිස්සුන්ට චෝදනා කරලා හැමෝම නිදහස් වෙනවා
ත්‍රීරෝද රථ රියදුරන් කියන්නේ ඉගෙනගත්තේ නැති, සංයමයක් නැති ඉබාගාතේ යන කණ්ඩායමක් කියලා සමහරු කියනවා. ඒකට මම විරුද්ධයි. හැමෝම විශ්ව විද්‍යාලවලට ගිහිල්ලා නෙමෙයි රට දියුණු කරලා තියෙන්නේ.
ත්‍රීරෝද රථ රියදුරන් පසුගිය කාලයේදී ඉල්ලුවේ තෙල් ටික විතරයි. ඒ අය බදු ගෙවන මිනිස්සුන්ට බරක් වෙන්නේ නෑ. ඒ අයට ගරුත්වයක් හිමිවිය යුතුයි.
පුද්ගලික අංශයේ සේවකයින්ට අර්ථසාධකයත්, රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුපත් ලැබෙන නමුත් ත්‍රීරෝද රථ රියදුරන්ට අනතුරක් සිදුවුවහොත්, දෑතේ ශක්තිය නොමැතිවී බැරිවූ කාලයේදී බලාකියාගන්නේ කවුරුන්දැයි ප්‍රශ්න කළ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය කාලයේදී බදු ගෙවන ජනතාවට බරක් නොවී, තෙල් ටික පමණක් ඉල්ලා සිටි ත්‍රීරෝද රථ රියදුරන්ට ගතරුත්වයක් ලබාදීමට කටයුතු කළ යුතු යැයි ඊයේ (08) පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේදී “ගරු සරු” වැඩසටහන යටතේ ත්‍රීරෝද රථ රියැදුරන් සමඟ පැවති සාකච්ඡාව අතරතුරදීය.
එහිදී අමාත්‍යරයා මෙසේද පැවසීය.
මෙි රටෙි සෑම වෘත්තියකම නිරත වෙලා පිරිසට විශේෂයෙන්ම අවිධිමත් අංශයේ වෘත්තීන් වල නිරත වෙලා ඉන්න පිරිසට ගරුත්වය ලබා දීමත් සාරවත්භාවයක් ලබාදීම තමයි මේ වැඩසටහනේ අරමුණ වෙන්නේ. ඒකට අවශ්‍ය පසුබිම හදන්නයි අපි කටයුතු කරන්නේ. එහිදී හැම වෘත්තකයෙක්ම වයසට ගියාම බලාගන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ.
ඒ අනුව ඕනෑම වෘත්තියක් කරන කෙනෙක්ට අභිමානවත්ව ඒ වෘත්තියේ නියැලෙන්න පුළුවන් සමාජ වටපිටාවක් සහ වෘත්තීභාවයක් ඇති කිරීමට මෙම ගරු සරු වැඩසටහනේ ගරු කියන කොටසින් අදහස් වෙනනේ. ඒ වගේ සරු කියන කොටසින් අදහස් වෙන්නේ, අවිධිමත් අංශයේ පිරිසත් මේ රටේ ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ් වගේ සමාජ ආරක්ෂණ වැඩසහන් වලට දායක කරගනිමින් ඒ අයගේ විශ්‍රාම දිවය සුරක්ෂිත කිරීමටත් ඒ වගේම අයට රැකියාව කරන අවස්ථාවේදී යම් අනතුරක් වුනොත් ඒ අවස්ථාවේදී ඔවුන්ට අවශ්‍ය ආරක්ෂණ වැඩපිලිවෙලක් සකස් කිරීමත් තමයි සරැ කියන කොටසින් අදහස් වෙන්නේ.
මේ රටේ ඉන්නවා ප්‍රශ්ණ ඇති කරන අය. ඒ වගේම රටේ ප්‍රශ්න හැමතිස්සේම විචේනය කරන අයත් ඉන්නවා. මේ අය කරන්නේ ලොකුවට කියවන එක විතරයි. අපි මේ අයට කයිය නායකලා කියලත් කියනවා.
හැබැයි අපි ඒකෙන් එහාට ගිහිල්ලා ප්‍රශ්න වලට උත්තර හොයන්නයි මේ සූදානම් වෙන්නේ. මොකද අපි ප්‍රශ්න වලට උත්තර හොයන පිරිසක්. ඒ නිසාමයි ජනාධිපතිතුමාත් රටේ ප්‍රශ්නයක් ඇති වුන වෙලාවේ රට භාරගෙන පිළිතුරු හොයන්නයි කටයුතු කළේ.
ජනාධිපතිතුමා සියලු දෙනා එකට එකතු කරගෙන රටේ ප්‍රශ්න විසදන්න ගත්තේ විවේචනය කර කර ඉදලා හරියන්නේ නැති නිසයි. ප්‍රශ්න වලට බයවෙලා ඉදලා හරියන්නේ නැහැ. ඒකයි අපිත් මේ වැඩේට එකතු වුනේ.
මේ රටේ අවිදිමත් කෂේත්‍රයේ ඉන්න ලක්ෂ හැටක විතර පිරිසක් ආර්ථිකයට සුවිශේෂී දායත්වයක් දක්වනවා. එහිදී මේ විදිමත් සහ අවිදිමත් කියන අංශ දෙක මොකක්ද කියලා අපි අවබෝද කරගතයුතුයි. ඇත්තමට විදිමත් කියන්නේ හාම්පුතෙක් සහ සේවකයෙන් ඉන්න ඒ අය අතර ගිවිසුමක් තියෙන සහ ඒ අනුව නියමිත විදිහට රැකියාවක් කරනවා කියලා කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා, ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ්. ගෙවීම් සිදුවන වෘත්තින් වලටයි.
ඒ වගේම අවිදිමත් කියන්නේ මේ විදිහට හාම්පුතෙක් නැති ගිවිසුමක් නැති තමන් තනියෙන් තමන්ගේ ජිවිකාව කරගෙන ඉන්න අයයි. හැබැයි මේ අයයි ආර්ථිකටය සුවිශේෂී දායක්තවයක් දෙන්නේ. මේ අය තමයි එළියට නොපෙනුනාට රටේ ආර්ථිකය ගොඩ නගන්න ශක්තිය ලබා දෙන්නේ.
පේමන්ට් එකේ බඩු විකුණන වෙළෙන්දා, ත්‍රීරෝද රථ රියැදුරන්, වෑද්දුම් ශිල්පීන්, පින්තාරු ශිල්පීන්, විදුලි කාර්මිකයින්, ඇතුලු හැම ක්ෂේත්‍රයේම ඉන්න අය ආර්ථිකයට දෙන්නේ විශාල හයියක්. ඒත් මේ අයගේ වෘත්තියට ගරුත්වයක් නැහැ. ඒක අපි අවංකව පිළිගන්න ඕනේ.
මේ අයගේ ජිවිති නිසි ආරක්ෂාවක්වත් වෘත්තියට ආරක්ෂාවක්වත් නැහැ. මේ අයට වැඩ කරන්න බැරි කාලෙට ඒ අයගේ විශ්‍රම දිවියට ආරක්ෂාවක් නැහැ.
වයස අවුරුද 55, 60 වුනාම පුද්ගලික අංශයේ අයට අර්ථසාදක අරමුදල ලැබෙනවා. රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුප ලැබෙනවා. ඒ වගේම පුද්ගලික සහ රාජ්‍ය අංශයේ අයට රැකියාව කරන කාලයේදී රක්ෂණ ක්‍රම තියෙනවා. ඒත් අපේ ත්‍රී රෝද රථ අයට, අනතුරක් වුනොත් ගෙදර අයව කවුද බලාගන්නේ? තමන්ගේ දෑතේ ශක්තිය නැති වුනාම මොකද කරන්නේ ? ඒ අයට බැරිවුන කාලේදී ඒ අයව කවුද බලාගන්නේ කවුද? මේක කාලාන්තරයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්.
ඒ නිසා මුලු රටේම සමස්ථ වෘත්තිකයින්ට සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක් ලබා දෙන්න කැබිනට් මණ්ඩලය විසින් මට විශේෂ අනුමැතියක් ලබා දීලා තියෙනවා.
ඒත් කයිය ගහන අය කෑගහන්නේ ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ්. කප්පාදු කරන්න එපා කියලයි. ඒත් ඇත්තමට වෙන්නේ මේවා කප්පාදු කරන එක නෙමෙයි. දැනට මේ සමාජ ආර්කෂණ වැඩපිළිවෙලවල් වල ඉන්න මිලියන දෙකයි දශම තුනක පිරිසට අතිරේකව මේ රටේ සමස්ථ වැඩකරන ජනතාවම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලකට ගෙන එ්මටයි අපි මේ අලුත් වැඩකටයුතු ටික කරගෙන යන්නේ.
පිටරටවල් වලට වැඩිය ගිහිල්ලා නැති අය ඒ රටවල් වල රැස්වීම් වලට ගිහිල්ලා ඇවිත් කියනවා, එ් රටවල තණකොළ කපන කෙනත් එන්නෙත් වාහනෙන් කියලා. ඒ අය අනිත් අය කන්න බොන්නත් අනිත් අය යන තැනටමයි කියලත් කියනවා.
කතා කියන්න පුළුවන් වුනාට අපේ රටේ සියලුදෙනාගේම වෘත්තීය ගරුත්ව ලබාදෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් ලබා දෙන්න කටයුතු කරලා නැහැ.
මේ සියලුදෙනාට ගරුත්වය දෙන්න හදන වැඩපිළිවෙලේදී ආර්ථික වශයෙන්ම මෙන්ම සමාජීය වශයෙනුත් වෘත්තිය වටිනාකමක් දියයුතුයි. මේ වටිනාකම දෙද්දී ප්‍රමිති කරණයක් කරලා ඒ අයගේ ගරුත්වය වැඩි කරන්න විවිධ වැඩ කරන්න හැකියාව තියෙනවා.
ඒ නිසාමයි අපි කිව්වේ සෑම වෘත්තියක් කරන්නම ඒ අය නිර්මාණය කරන සංගම් හරහා බලපත්‍රයක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ක්‍රියාත්මක කලාම ඒ වෘත්තිය ඉතාම විදිමත් වෙනව බව. එතකොට ඕනෑම කෙනෙක්ට පින්තාරු කරන්න යන්න බැහැ. ඒකට නිසි බලපත්‍රයක් තියෙන කෙනෙක්ට විතරයි කරන්න පුළුවන් කම ලැබෙන්නේ. අනිත් ක්ෂේත්‍රත් ඒ විදිහමයි.
ඒ වගේම මේ අයගේ විශ්‍රම දිවය ශක්තිමත් කිරීමටත් ඔවුන්ට යම් අනතුරක් වුනොත් එයින් ආරක්ෂාවක් ලැබෙන්නත් ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීම තමයි ගරු සරු වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන්න යන්නේ.
අද ත්‍රීරෝද රථ වෘත්තිකයින් තමයි කතාවේ මාතෘකාව වන්නේ. සාමන්‍යයෙන් එකවුන්ටන්ලට නම් එකවුන්ටන් සර්විස් එක තියෙනවා. රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට නම් ඒකට අදාල වෙනම සර්විස් එකක් තියෙනවා. ගෘහ නිර්මාණ ශිල්පීන්ට වෙනම සේවයක් විදිහට තියෙනවා. නීතිඥයින් තියෙනවා නීතීඥ සංගමය, ඒත් අනිත විෂයන්ට එහෙම ආයතන හෝ සංගම් නැහැ.
ඉතින් අද කතා කරන ත්‍රීරෝද රථ වෘත්තිකයින්ටත් එහෙම එකක් නැහැ. කාලයක් තිස්සේ ඒ ගැන කතා කළා. ඒත් තවමත් ක්‍රියාත්මක වෙන්න බැරිවෙලා තියෙනවා. මේ රටේ මිලියන ගණනාවක් එක්ක සම්බන්ධ වෙන උපතේ සිට මරණය දක්වා නැතිව බැරි සේවාවක් තමයි ත්‍රීරෝද රථ සේවාව. මේ රටේ ත්‍රීරෝද රථ සේවාව ලබා නොගත්තු කෙනෙක් හොයන එක හරියට නොමල ගෙයකින් අබමිටක් හොයනවා වගේ වැඩක්.
ඒකයි අපි තීන්දු කළේ, අනෙක් වෘත්තීන්ට අතහන්න කලින්, මේ මුළු සමාජයම වෙනස් කරන්න පුළුවන් ක්ෂේත්‍රයක් වන ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීයභාවය ඇති කිරීම වැදගත් කියලා. ඒත් සමාජයේ ත්‍රීරෝද රථ කිව්ව ගමන්ම තියෙන්නේ චෝදනාවක්. පාරේ විනය කඩකිරීම් සම්බන්ධයෙන් වගේම විවිධ ජාවාරම් වලට ත්‍රිරෝද රථ සම්බන්ධ වෙනවා කියලා චෝදනා කරනවා.
හැබැයි මම කියන්නේ ඒක පහත් තැනින් ජලය ගලා බහිනවා වගේ දෙයක් කියලයි. ගුවන් තොටුපොල හරහාත් මත්ද්‍රව්‍ය එනවා ඒත් කවුරුවත් කියනවාද අර ගුවන් සේවය තමයි හොරු කියලා. ලොකු ලොකු කාර් වල තමයි මත්ද්‍රව්‍ය එහාට මෙහාට අදින්නේ. හැබැයි කියනවාද කාර් කාරයෝ තමයි මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ වෙන්නේ කියලා.
එතකොට වැරදි වැඩ කරලා හැප්පෙන්නේ ත්‍රිරෝද රථ විතරද ? සමස්ථයම වෙනස් කරන් ඕනිකම තියෙද්දී තමන්ගේ හයියෙන් ජීවිතය ගෙන යන අහිංසක මනුස්සයින්ට චෝදනා කරලා හැමෝම නිදහස් වෙනවා.
කළයුත්තේ පාරේ විනය හදන එකයි. ඒකට අදාල වැඩපිලිවෙල හදන්නේ නැතිව බොරුවට චෝදනා කරලා හරියන්නේ නැහැ.
හැබැයි මෙතනදී හේතුවක් විදිහට කියනවා ත්‍රීරෝද රථවලට එන්නේ ඉගෙනගත්ත නැති කණ්ඩායමක් කියලා. ඒ වගේම මේ අයට සංයමයක් නැහැ ඉබාගාතේ ගිහිල්ලා තියෙන්නේ කියලයත් කියනවා. මම ඒකට විරුද්දයි. මේ රටේ හැමෝම විශ්ව විද්‍යාල වලට ගිහිල්ලා, නෙමෙයි රට දියුණු කරලා තියෙන්නේ.
සමාජ අධ්‍යාපනයෙන් සහ උපතින් ලැබුණු බුද්ධිය වර්ධනය කරගෙන ගොඩක් අයත් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ අය ඉගෙන ගන්න නොහැකි වෙලා ඇත්තේ ඒ අයට ඒකට අවශ්‍ය කරන පරිසරය නැති වීම නිසයි. ඒකට වැරැද්ද ඒ අය නෙමෙයි නේද ?
ඒ නිසා සමස්ථයක වැරැද්ද මේ අය පිට පටවලා කටයුතු කරන එක වැරදියි. අද ත්‍රීරෝද රථ හිමියන් තමන්ගේ දරුවන්ට හොද අධ්‍යාපනයක් දෙන්න ගොඩක් මහන්සි වෙනවා. ඒ අය දවසට කීයක් හරි හොයාගන්න එකට එහා ගිහිල්ලා තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ගොඩක් කැපවෙනවා. ඒ අය ඊලඟ පරම්පරාව හොද තැනකට ගෙනියන්න උත්සහ කරනවා. ත්‍රී රෝද රථ රියැදුරන්ගේ දරුවන් උසස් වෘත්තීන්ගේ නියැලෙනවා.
රටට පදක්කම් ගරුත්වයක් ගේන අය බලන්න ඒ අයගේ දෙමාපියන් ත්‍රී රෝදර රථ වෘත්තිය වගේ වෘත්තීන් වල නියැලෙන අයයි. මේ අය රටට බරක් නෙමෙයි. ඒ අය පහුගිය කාලයේ ඉල්ලුවේ තෙල් ටික විතරයි. ඒත් රස්සාව කරගෙන යන්නයි. ඒ අය බදු ගෙවන මිනිස්සුනට බරක් වෙන්නේ නැහැ. ඒ අයත් බදුගෙනවා. ඉතින් මේ අයට ගරුත්වක් හිමිවියයුතුයි.
අද කාන්තාව විදේශගත වෙන්නේ, සැමියා ගෙදරට වෙලා අත්දෙක බැඳගෙන ඉන්න නිසයි. එතකොට තමයි මනුස්සයා ඇවිල්ලා කාන්තාව පිටරටක යවන්න කියලා ඒජන්සිකරුවෙකුට භාරදෙන්නේ. ඒත් ත්‍රීරෝද රථ රියැදුරන් එහෙම නැහැ.
මේ වෘත්තිය ගැන අපි සුවිශේෂි පුද්ගලයෝ නෙමෙයි. මෙතන තියෙන ප්‍රශන ගැන දන්නේ ත්‍රීරෝද රථ වෘත්තිකයින්ම තමයි. ඒකයි මම තින්දු කළේ ඒ ඒ ක්ෂේත්‍රයට ඒ අයගෙන් සමන්විත කණ්ඩායමක් හදන්න. අලුත් රැකී රක්ෂා පනත යටතේ අපි සෑම වෘත්තියකටම ගරුත්වයක් දෙන්න ඉඩක් හදනවා. එහිදී අමාත්‍යවරයාට විටින් විට රෙගුලාසි පනවන්න පුළුවන් වෙන විදහට ඉඩ හදලා තියෙනවා.
අපි ප්‍රවාහන අමාත්‍යාශංයවත් පළාත් සභාව වත් නෙමෙයි. අපිට බලාගන්න තියෙන්නේ මේ අයගේ ගරුත්වය වර්ධන කිරීමයි. ඒත් ඒකට මූලික වගකීම තියෙන්නේ පළාත් සභාව සහ ප්‍රවාහන අංශ වලටයි. ඒකයි මෙතන ඉදන් මේ අයගේ වෘත්තීය ගරුත්වය වර්ධනය කරගැනීමට කටයුත කරන්න පියවරගන්නේ.
මට දැනගන්න ලැබිලා තියෙනවා බස්නාහිර පළාත් සභාව මූලික කටයුතු සකස්කරලා අවසන් කියලා. ඒ වගේම ප්‍රවාහන අමාත්‍යංශයෙත් මේ සඳහා වූ පනත සංශෝධනය කරන්න කටයුතු කරලා තියෙන්නේ කියලා දැනගන්න ලැබුනා. ඒ අනුව අපිට මූලික වැඩටික ඉවර කරලා කවුද ත්‍රීරෝද රථ රියැදුරන්, කවුද නිකම් පාරේ යන ත්‍රිරෝද රථ කියලා අදුරගන්න පුළුවන් වෙයි.
එහිදී වෘත්තීය කරන අය ලියාපදිංචි කරලා අපිට වෘත්තී ආයතනය බිහි කරලා ඒ අයගේ යෝජනා අදහස් ඇතිව නිසි ගරුත්තව සහ විශ්‍රම ගියාම අවශ්‍ය සුරක්ෂිත බව හදන්න පුළුවන් කම ලැබෙනවා.