අනුර ඊබ්‍රාහිම් ගැන පාර්ලිමේන්තුවේ කතා කරයි

අනුර ඊබ්‍රාහිම් ගැන පාර්ලිමේන්තුවේ කතා කරයි

ඊබ්‍රාහිම්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගනුදෙනුව පාස්කු ත්‍රස්ත ක්‍රියාවට ඉවහල් වූ බවට කිසිම පාස්කු විමර්ශන වාර්තාවක සඳහන් වී නැතැයි ජාතික ජන බල⁣වේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණට නගන චෝදනා පුස් වෙඩි මිස සත්‍ය වෙඩි නොවේ යැයිද දිසානායක මහතා කීය.

ඊබ්‍රාහිම්ට විරුද්ධව දිසා අධිකරණයේ 2017 වසරේ පැවරුණු නඩුවක නීතිඥයා ලෙස කටයුතු කළේ අලි සබ්රි මහතා බව කී මන්ත්‍රීවරයා එහෙම කළා කියා අලි සබ්රි මේ ත්‍රස්ත්‍ර ක්‍රියාවට සම්බන්ධ යැයි ලඝු කළ යුතු නැති බව සඳහන් කළේය.

ඊබ්‍රාහිම් වසර එකහමාරක් දෙකක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කළ අතර එහිදී හෝ තම දේශපාලන ව්‍යාපාරය අදාල සිදුවීම් වලට සම්බන්ධ යැයි කිසිම හෙළිදරව්වක් වී නැති බවද දිසානායක මහතා පැවසීය.