ගණේමුල්ලේ සංජීව කටුනායකදී අත්අඩංගුවට

ගණේමුල්ලේ සංජීව කටුනායකදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට මෙම සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර එම අවස්ථාවේදීයි ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ.

සේනාධීරගේ කරුණාරත්න යන නමින් ඔහු මෙලෙස ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකසාගෙන එය භාවිතා කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව සඳහන්.