සයිනොපෙක් දෙවන පිරවුම් හලත් විවෘත කෙරේ

සයිනොපෙක් දෙවන පිරවුම් හලත් විවෘත කෙරේ

චීනයේ සයිනොපෙක් සමාගම විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් බත්තරමුල්ලේ පිහිටි ඉන්ධන පිරවුම්හල මගින් ඔවුන්ගේ වෙළඳ නාමය යටතේ ඉන්ධන බෙදා හැරීම අද(13) ආරම්භ කර තිබේ.

මෙම පිරවුම්හලෙන් ද වෙළඳපොලේ පවතින සියලු ඉන්ධන වර්ග ලබාදෙනු ලබන්නේ රුපියල් 3 ක මිල අඩු කිරීමක් යටතේය.

සයිනොපෙක් සමාගම පළමු ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානය පසුගිය දා මත්තේගොඩ විවෘත කළේය.