දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 08 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 08 වන සිකුරාදා

රාහු කාලය
10:36 am – 12:08 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
ගිණිකොන

Qries

මේෂ

ශුභවාදී ඵල ගෙනදෙයි. පොදු උත්සව සාද වැනි දේවල්වලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. විනෝදාත්මක ක්‍රියාවන්වල යෙදේ. යාන වාහන ලාභ ලබයි. ආගමික උත්සව වැනි දේවල් සංවිධානයට හේතුයි. සෙම් ආශ්‍රිත රෝග මතුකරයි.

Date: 2023-09-08

ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

ශුභා ශුභ ඵලදෙයි. ක්‍රියාශීලී දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතුවීමෙන් සිත් චංචල වෙයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. විවේචනයට ලක්වීමට ඉඩ තිබේ. ප්‍රවේශමෙන්. ආමාශගත රෝගවලට හේතුයි.

Date: 2023-09-08

ජය අංකය: 04
ශුභ වර්ණය: රන්වන්
Qries

මිථුන

ක්‍රියාකාරකම් බහුල දිනකි. අවිවේකී බවක් ඇති වෙයි. සැලසුම් වලට බාධා ගෙනදෙයි. පොදු සේවා සමිති සමාගම් වැනි දේවලට යොමු වෙයි. ආගමික වැඩසටහන්ද සංවිධානයට හේතුයි. සන්ධි ප්‍රදාහ රෝග, ඉදිමුම් රෝගාදියට හේතුයි.

Date: 2023-09-08

ජය අංකය: 06
ශුභ වර්ණය: ලා නිල්
Qries

කටක

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපස ඉහළ යයි. අසල්වැසි සබඳතා වර්ධන ක්‍රියාවන්හි ද යෙදේ. හදිසි ධන ලාභ ලබයි. සිරසගත රෝග මතුකරයි.

Date: 2023-09-08

ජය අංකය: 02
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

තරමක් අලස ගති ඉස්මතු කරයි. දවසේ සැලසුම් ක්‍රියා අඩපණ වෙයි. ආවේගශීලී ගති උපදවන බැවින් ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. වැයපස ද ඉහළ යෑමෙන් සිත් චංචල වේ. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2023-09-08

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

තරමක් ශුභවාදී ඵල දෙයි. තම අරමුණු තරමක් සාර්ථක කරගනී. රැකියාවල ප්‍රබෝධයෙන් යෙදේ. දුරස්තව සිටි ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදෙන අතර ඔවුන් නිසා වැයපස ද ඉහළ යයි. සෙම් බහුල රෝග මතුකරන දිනකි.

Date: 2023-09-08

ජය අංකය: 03
ශුභ වර්ණය: කොල
Qries

තුලා

ශුභා ශුභ මිශ්‍රඵල දරයි. වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවන අතර තරමක් ආවේගශීලී ගති මතුකරවයි. ඉවසීමෙන් දින චර්යාව ගතකළ යුතු අතර හදිසි ධන වාසනා එල්ල වීමට ද නියමිතය. වාතාධික රෝග ඉස්මතු කරවයි.

Date: 2023-09-08

ජය අංකය: 06
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ශුභා ශුභ ඵල දෙන දිනකි. ගමන් බිමන්වලදී ප්‍රවේසම ද මැනවි. රැකියාවල දිරිමත්ව ක්‍රියාකරයි. සතුරු බලවේග දමනය වේ. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මත පීඩා මතුකරයි. වැයපස වඩාත් ඉහළ යන දිනකි.

Date: 2023-09-08

ජය අංකය: 04
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ක්‍රියාකාරී දිනකි. රාජකාරිවලට මුල් තැන දී ක්‍රියාකරයි. තම අවශ්‍යතාවලට බාධා වෙයි. සතුරු බලපෑම් ඉවත් වෙයි. ආගමික උත්සව පුද පූජා වැනි දේවල් සංවිධානයට හේතුයි. වැයපස ඉහළ යයි. ස්නායු රෝග, වාත රෝග මතුවේ.

Date: 2023-09-08

ජය අංකය: 07
ශුභ වර්ණය: තැඹිලි
Qries

මකර

ක්‍රියාකාරකම් බහුලවේ. තරමක් අතපසුවීම්වලට හේතුයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතුය. අන් අයගේ අවධානයට යොමු වන බැවින් බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුය. ආගමික වතාවත් සංවිධානයට ද හේතුයි. කොන්දේ අමාරු වාත රෝග මතුවේ.

Date: 2023-09-08

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ශුභා ශුභ මිශ්‍රඵල ගෙනදෙයි. රාජකාරිවලට අමතරව ක්‍රියාකාරී කටයුතු යෙදේ. උත්සව සංවිධාන කිරීම් ගමන් බිමන් සංවිධානයට හේතුයි. විනෝදජනක ක්‍රියාවන්හිද යෙදේ. වැයපස ඉහළ යයි. සිරසගත රෝග මතුකරයි.

Date: 2023-09-08

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. තම නිවස තරමක උත්සව ශ්‍රියාවක් ඇති කරයි. වැයපස තරමක් ඉහළ යයි. ඥාති සබඳතා වර්ධනය වෙයි. ආගමික වතාවත් උත්සව වැනි දේ යෙදේ. සෙම් කෝප රෝග, ඌෂ්ණ රෝග මතුවෙයි.

Date: 2023-09-08

ජය අංකය: 09
ශුභ වර්ණය: දම්