ග්‍රහකයක් පිලිපීනය අසල දූපතකට කඩා වැටේ (Video)

ග්‍රහකයක් පිලිපීනය අසල දූපතකට කඩා වැටේ (Video)

අඩි 3 ක් (මීටරයක්) පමණ පළලැති ග්‍රහකයක් මීට පැය කීපයකට පෙර පෘථිවියට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ග්‍රහකය අලුයම පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ බවත් ප්‍රමාණයෙන් කුඩා ග්‍රහකයක් වූ බැවින් එය පිලිපීනයට ඉහළින් ලුසොන් දූපත අසල පෘථිවි වායුගෝලයේදීම ගිනිගෙන දැවී ගිය බවත් එම නිවේදනයේ දැක්වෙයි.

2024 RW1 යන නමින් නම් කළ මෙම ග්‍රහකය, විද්‍යාඥයන්ට දකින්න ලැබී ඇත්තේ පෘථිවිය ආසන්නයටම පැමිණීමෙන් පසුව යැයි ද නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

ඇරිසෝනා විශ්ව විද්‍යාලය විසින් මෙහෙයවනු ලබන සහ නාසා ආයතනය විසින් අරමුදල් සපයනු ලබන කැටලිනා ස්කයි සමීක්ෂණය හරහා මෙම ග්‍රහකය සොයා ගෙන තිබේ.